නලගන ඇල්ල . Nalagana ella fall
රිටිගල ඔයේ සැගවුන රූමතිය - නලගන ඇල්ල
උස- 40m
දිස්ත්‍රික්කය - කෑගල්ල.
රිටිගල ඔය නදියෙන් පෝශනය ලබන ඉතාමත්ම සුන්දර දිය ඇල්ලක් වන නලගන ඇල්ල මීටර් 40ක උසකින් ඇදහැලෙයි.
කෑගල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇති මෙම දිය ඇල්ල නුවර සිට පැමිනෙන සන්චාරකයෙකුට නම් මහනුවර දොලොස්බාගේ මාර්ගයේ දේදුගලට පැමින පැල්ලම්පිටිය බුලත්කොහුපිටිය මාර්ගයේ 7වන කිලෝමිටර් කනුව අසල කලුපහන කුඩා ජල විදුලි බලාගාරයට පිවිසෙ මර්ගයෙන් පිවිසිය හැකියි.
කොලඹ සිට පැමිනෙනවා නම්.
කොලඹ >>> රුවන්වැල්ල >>> දේදුගල >>> ඉහල පැල්ලම්පිටිය >>> බුලත්කොහුපිටිය මාර්ගය ඔස්සේ ද පිවිසිය හැකියි.
ජල විදුලි බලාගාරයට ඇතුල් වන මාර්ගය තරමක් අබලන් නිසා උස වාහන වලට පහසුවෙන් ගමන් කල හැකියි.
එතැන් සිට දිය ඇල්ල දෙසට වැටී ඇති අඩිපාර ඔස්සේ මීටර් 300ක් පමන ගමන් කල යුතු වන අතර පිවිසෙන ස්තානයේම අවදානම් දැන්වීමක් දැකගත හැකියි
නිතර දිය ඇල්ලේ ජල මට්ටම වෙනස් වන බැවින් ආරක්ෂාකාරී බව ඉතා වැදගත්.
ඉතාමත්ම සංවේදී පරිසර කලාපයක් වන මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම අප සියලුදෙනාගේම යුතුකමක්. ඒ නිසා පොලිතින් , ප්ලාස්ටික් ,බියර් කෑන් , බෝතල් වලින් මේ සුන්දරිය දූශනය කරන්න එපා.
මතකය විතරක් ඉතුරු කරගෙන අරන් යන හැම දේම අරන් එන්න.
All rights are received @ Saubhagya senevirathna photograpy making unauthorized copys of photographs without permission are prohibited.
Google map-
Nalagana Falls නලඟන ඇල්ල
Kegalle
https://goo.gl/maps/hLGoEzSaVEk
Comments
Post a Comment